අපගේ සේවාවන්

අපද්‍රව්‍ය කළමනාකරණය, සෞඛ්‍ය මුලපිරීම් සහ ආර්ථික සහයෝගය තුළින් ප්‍රජා ජීවිතය වැඩිදියුණු කිරීම

බාගත කිරීම්

අත්‍යවශ්‍ය ලියකියවිලි සඳහා පහසුවෙන් ප්‍රවේශ වීමට, ඔබගේ කාර්යයන් සරල කිරීමට සහ පළාත් පාලන ආයතන සමඟ අන්තර්ක්‍රියා කිරීමට බාගත හැකි සම්පත්

අපව අමතන්න

ඔබගේ විමසීම්, ප්‍රතිපෝෂණ සහ උත්සුකයන් විසඳීමට අපගේ කැපවූ කණ්ඩායම මෙහි සිටී. කඩිනම් සහය සහ සහාය සඳහා පහසුවෙන් අප හා සම්බන්ධ වන්න

අම්බලන්ගොඩ ප්‍රාදේශීය සභාවට ඔබව සාදරයෙන් පිළිගනිමු

අම්බලන්ගොඩ ප්‍රාදේශීය සභාව

ලේකම්තුමියගේ පණිවිඩය

අම්බලන්ගොඩ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ ජනතාවට ප්‍රාදේශීය සභාවන් මඟින් ඉටු කල යුතු කාර්යය හා කර්තව්‍ය කාර්යක්ෂමව හා සඵලදායීව නිරන්තරයෙන් ඉටු කිරීමට අප බැඳී සිටින අතර අපගේ දැක්ම හා මෙහෙවර ද එකී කාර්යය හා කර්තව්‍ය ඉටු කිරීම වේ. වර්ග කිලෝමීටර් 64ක වපසරියක පිහිටා ඇති අප ප්‍රාදේශීය සභාව මඟින් පොදු මහජනතාවට ලබා දෙන්නා වූ සේවාවන් වඩාත් කාර්යක්ෂමව ඔවුන් වෙත ලබා දීම හා එම සේවාවන් වඩාත් පහසුවෙන් ලබා ගැනීමටද හැකිවන පරිදි විද්‍යුත් ගෙවීම් ක්‍රම මෙන්ම නවීන තාක්ෂණයට අනුගත වෙමින් පොදු මහජනතාවට අපගේ සේවාවන් වඩාත් සමීප කිරීමටද අප පියවර ගෙන ඇත.

සභාව සතු පොදු පහසුකම් මඟින් ද අප විසින් ලබා දෙන්නා වූ සේවාවන් හී ගුණාත්වය වැඩි දියුණු කිරීමටත් එසේම අපගේ ප්‍රතිපත්තිමය තීරණ ඔස්සේ සමාජයේ සියලු පාර්ශවයන් සේවාවන් ලබා ගත හැකි වන පරිදි අවශ්‍ය කටයුතු අප විසින් සලසා ඇත. නව ආදායම් මාර්ග හා පවතින ආදායම් මාර්ග ඔස්සේද බල ප්‍රදේශයේ ජනතාවගේ සුබසාධනය, සුඛ විහරණය හා සුව පහසුව ඇති කිරීමටත් කටයුතු යොදන අතර නිරන්තර මහජනතාවට අපගේ සේවාවන් උපරිම අයුරින් ඉටු කිරීමටද මා ඇතුලු අම්බලන්ගොඩ ප්‍රාදේශීය සභාවේ සමස්ථ කාර්යය මණ්ඩලය කැප වී සිටින්නෙමු.

ලේකම්,

අම්බලන්ගොඩ ප්‍රාදේශිය සභාව.

අපගේ සේවාවන්

Our specialisation

Recent news & events

We are proud to work with these companies