කෘෂිකර්මාන්තය

You are here:

කෘෂි කලාප

අම්බලන්ගොඩ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය පහතරට තෙත් කලාපයට අයත් වන අතර උන්නතාංශය සහ පස පදනම් කර ගනිමින් නැවත උප කොටස්වලට බෙදනු ලැබේ. ඒ අනුව මෙම කොට්ඨාශ WL 2 (WET ZONE LOW COUNTRY *) සහ WL4 (WET ZONE COUNTRY *) යන කෘෂි පාරිසරික කලාපයන්ට අයත් වේ.

WL2 කලාපය මිලි ලීටර් 3000ට අඩු වර්ෂාපතනයක් ලැබෙන පහතරට තෙත් කලාපයට අයත් වේ. මෙම කලාපයේ අපේක්ෂිත වර්ෂාපතනය මිලි ලීටර් 1900 ට වැඩි වේ. එම ප්‍රමාණය ලැබීමේ සම්භාවිතාව75% කි. මෙම කලාපයේ පාංශු ව්‍යෘප්තිය ගත් විට හැල් පස, දියලු මිශ්‍ර පස, හියුමික් ග්ලේ සහ වර්ණක සහිත රතු කහ පොඩිසොලික පස දැකිය හැකිය.

WL4 කලිපය මිලි ලීටර් 3000 ට අඩු පහතරට තෙත් කලාපයට අයත් වන අතර, මෙම කලාපයේ අපේක්ෂිත වර්ෂාපතනය මිලි ලීටර් 1575 කි. මෙම ප්‍රමාණය ලැබීමේ සම්භාවිතාව 75% කි. මෙම කලාපය තුල නිරිත දිග මෝසමෙන් අවුරුද්ද පුරාම ඉහළ වර්ෂාපතනයක් ලැබෙන අතර, උපරිම වර්ෂාපතනයක් මැයි, ජුනි, ඔක්තෝම්බර් මාසවල දී ලැබේ. දෙසැම්බර් සහ ජනවාරි මාසවල අඩු වර්ෂාපතනයක් ලැබෙන අතර අනෙක් මාසවල දී වාසුලි සහ අවපාත මගින් වර්ෂාව ලැබේ.