පාෂාණ හා ඛණිජ වර්ග
අම්බලන්ගොඩ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ භූ විද්‍යාත්මක තොරතුරු විමසා බැලීමේ දී ප්‍රාග් කේම්බ්‍රිය යුගයට අයත් පාෂාණ වලින් නිර්මාණය වී ඇත. වානෝකයිට්ස් නයිස් හා ග්‍රැනයිට් නයිස් පාෂාණ වලින් ප්‍රාදේශීය භූ ව්‍යූහය නිර්මාණ්‍ය වී ඇත. ප්‍රදේශය පුරාම ව්‍යෘප්තව ඇත්තේ රතු- ලැටරයිට් සහිත රතු- කහ පොඩ්සොලික් පස සහ ක්වාට්ස් සහිත රතු – කහ පොඩ්සොලික් පසයි. ඊට අමතරව ප්‍රධාන වශයෙන් හඳුනාගත හැක්කේ අර්ධ හැල් පස හා දියලු මිශ්‍ර පසයි. එමෙන්ම කොට්ඨාශයේ අර්ධ හැල් පස සිට හියුමික් ගලේ පස ද සුළු වශයෙන් පවතී.
ප්‍රදේශයට ආවේණික ඛණිජ විශේෂ දෙකක් වන කෙවොලින් මැටි හා සඳකැන් පාෂාණ ද මෙම ප්‍රදේශයේ දක්නට ලැබේ. දුර්ලභ මැණික් විශේෂයක් වූ සඳකැන් පාෂාණ පිහිටි එකම ස්ථානය ලෙස සොයා ගෙන ඇත්තේ අම්බලන්ගොඩ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයට අයත් මීටියාගොඩ, චන්ද්‍රකාන්ත පාෂාණ ලෙසද හැඳින්වෙන මේවා පොළොවෙන් අඩි 30-40 ක් පමණ යටින් පිහිටා ඇත. මීටියාගොඩ ප්‍රදේශයේ අක්කර 1-2 ක් වැනි ඉතාමත් කුඩා ප්‍රදේශයක මෙය ව්‍යාප්ත වී ඇති අතර මෙම පාෂාණ අඩංගු සංඝටක ලෙස සිලිකන්, කැල්සියම් හා පොස්පරස් යන ඛණිජ වර්ග 3 දැක්විය හැකිය.

භූ විෂමතාවය හා ජලවහනය