අපේ ඉතිහාසය

You are here:

අම්බලන්ගොඩ ප්‍රාදේශීය සභාව

අපේ ඉතිහාසය

අම්බන්ලගොඩ ප්‍රදේශය පිළි‍‍බද ඓතිහාසික තොරතුරු බොහොමයක් හමුවන්නේ ක්‍රිස්තු වර්ෂ 18 සහ 19 වන ශත වර්ෂව දී පමණය. පෘතුගීසින් විසින් බලන්ගලේ ද ලන්දේසීන් විසින් අම්බන්ලගොටින් හා ඉංග්‍රිසීන් විසින් අම්බන්ලගොඩ්ඩෙ යනුවෙන් හඳුන්වල ලද අම්බලන්ගොඩ, අම්බලම්ගොඩ, අම්බලන්ගොඩ යන තුන් ආකාරයෙන්ම හැඳින්විය.

අම්බලන්ගොඩ පිළි‍‍බ ලැබෙන පැරණිතම යැයි සැලකන ලිඛිත සාක්ෂි හමුවන්නේ ත්‍රී සිංහලයේ කඩයිම් පොත හා ශ්‍රී ලංකා ද්වීපයේ කඩයිම් පොත යන ග්‍රන්ථයෙනි. මේවා සිංහල ප්‍රදේශ සීමාවන් විස්තර කරලීම සදහා මහනුවර යුගයේ දී හමුවන වැදගත් සාක්ෂීන්ය. ත්‍රී සිංහලයේ කඩයිම් පොතට අනුව සදහන් වූ අඹලන්ගොඩ රට යන්න වර්තමානයේ අම්බලන්ගොඩ වන්නට ඇතැයි ඒ පිළි‍‍බද ව විමර්‍ශනයක යෙදෙන ආචාර්ය එච්.පී අභයවර්ධන මහතා පවසයි.

ඊට අමතරව ශ්‍රී ලංකා ද්වීපයේ කඩයිම් පොත රුහුණට අයත් රටවල් හතලිස් දෙකක් ගැන කියවේ. ඇඹුල යනු, පුරාණයේ අම්බලම හැඳින්වීමට යොදා ගන්නා වචනයකි. අම්බලන්ගොඩ ග්‍රාම නාමය බිහිවීම පිළිබදව අදහස් කීපයක් පවතී. ඉන් එක් ප්‍රචලිත අදහසකට අනුව කියවෙන්නේ ආං- බලන්- ගොඩ අම්බලන්ලගොඩ යනුවෙන් බිදී ආ බවයි. ඒ පිළි‍‍බදව සදහන් කතා පුවතක් වනුයේ ඈත අතීතයේ මුහුදු ගිය යාන්ත්‍රිකයින් පිරිසක් මුහුදේ අතරමංව සිටියදී හදිසියේ ගොඩබිමක් දැක ආං-බලන්-ගොඩ යැයි කෑගැසූබවත්ය. අනතුරුව බිම් ප්‍රදේශයට එම නම ලැබුණු බවත් පසුකාල වලදී එය අම්බලන්ලගොඩ නමින් ව්‍යවහාර වූ බවත් කියවේ.

අතීතයේ සිට මේ දක්වා

ප්‍රාදේශීය පාලනය

වර්ෂ 1954 වර්ෂය වන විට බටපොල ප්‍රාදේශීය සභාව අයත්ව තිබුණේ වේරගොඩ ගම් කාර්ය සභාවට යි. බටපොල ප්‍රදේශය නියෝජිතයින් 05 දෙනෙක් නියෝජනය කල අතර පසුව බටපොලට වෙනම් ගම් සභාවක් වෙන්කර ගත හැකි විය. ඒ අනුව 1954 වර්ෂයේ දී පළමු ගම් සභාව බටපොල මාරගහ හන්දිය ප්‍රදේශයේ පිහිටුවා ගන්නා ලදී. පසුකාලයක දී බටපොල ගම් සභාව ඉලුක්පිටය ප්‍රදේශයට ගෙන යන ලදී.

1958 දී බටපොල ගම් සභා ගොඩනැගිල්ල ඉදිකර සභාව එම ස්ථානයට ගෙන එන ලදී. එම වසරේදීම බටපොල ගම් සභාවට කොට්ඨාශ 10ක් ඇති කර නියෝජිත සංඛ්‍යාව 10 දක්වා වැඩිකර ගැනීමට අනුමැතිය ද ලැබුණි.

අම්බලන්ගොඩ ප්‍රදේශීය සභා බල ප්‍රදේශය පිහිටවුයේ බටපොල ගම් සභා බල ප්‍රදේශය සහ ගෝනාපීනුවල ගම් සභා බල ප්‍රදේශය එක් වීමෙනි. ඒ සඳහා 1987.04.16 වන දින පාර්ලිමේන්තුවේ නීතිගත කරන ලද 1987 අංක 15 දරණ ප්‍රදේශය සභා පනතින් නීතිමය බලය ලැබුණි. අදාළ නිල කාලය 1988.01.01 වන දින සිට ආරම්භ වුවත් මන්ත්‍රීවරු 10 දෙනෙකුගෙන් සමන්විත ජනතා නියෝජිතයින් පත් වුයේ 1991.07.01 වන දින සිටය. ජනතා නියෝජනය ආරම්භ වීමට පෙර විශේෂ කොමසාරිස්වරයෙකු විසින් පාලනය කරන ලදී. සභාපතිවරයා ඇතුළු මන්ත්‍රීවරු11 දෙනෙකුගෙන් සමන්විත වන අයුරින් ප්‍රාදේශීය සභාව සකස් වී ඇත. පරිපාලන කටයුතු සම්බන්ධයෙන් සභාපතිවරයා යටතේ සභා ලේකම්වරයෙකු සිටින අතර ඔහු යටතේ අනෙකුත් නිලධාරී මණ්ඩලය සිටී.